සෑම පළාතකටම පොදුවේ ලිහිල් කරනු ලබන සීමාවන් සහ බස්නාහිර පළාතට පමණක් සිදුකරනු ලබන සීමාවන් එහි දක්වා තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාවට අනුව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක විය යුත්තේ ආසන ධාරිතාවෙන් සියයට 50 ක් පමණයි.
බස්නාහිර පළාත තුල රැස්වීම්, වැඩමුළු, සම්ම්න්ත්‍රණ පැවැත්වීම සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවලදී අවසර හිමිවන්නේ නැහැ. බස්නාහිර පළාත සහ සෙසු පළාත්වල පුද්ගලික කුළී රථවල ගමන් කළ හැක්කේ උපරිම දෙදෙනෙකුට පමණයි. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් සදහා විවෘත වන අතර ජංගම වෙළදුන්ට අත්‍යවශ්‍ය භාන්ඩ බෙදාහැරීමට අවසර හිමිව තිබෙනවා.
බස්නාහිර පළාතේ පදික වෙළදුන්ට සිය වෙළදාම් කටයුතු කිරීමට අවසර හිමි නොවන අතර සෙසු පළාත්වල ලියාපදිංචි වූ පදික වෙළදුන්ට ඒ සදහා අවසර හිමිව ඇති බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. බස්නාහිර පළාත තුළ ඇති සාප්පු සංකීර්ණ සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවලදී වසා තැබිය යුතුයි.
සෙසු පළාත්වල සාප්පු සංකීර්ණ සෞඛ්‍ය ක්‍රමවේද යටතේ විවෘත කිරීමට අවසර හිමිව තිබෙනවා. එමෙන්ම සැලුන් සහ රූපලාවන්‍යාගාර විවෘත කිරීමට අවසර හිමිව ඇති අතර එහිදී වරකට ඊට ඇතුගත් කර ගත හැක්කේ එක් අයෙකු පමණයි.
බස්නාහිර පළාතේ නිමි ඇදුම් අලෙවිසැල් වසා තැබිය යුතු අතර සෙසු පළාත්වල නිමි ඇදුම් අලෙවිසැල්වලට එහි ධාරිතාවයේන සියයට 25 ක ප්‍රමාණයක් ඇතුලත් කර ගත හැකියි.
සංචරණ සීමා ලිහිල් කෙරෙන අවස්ථාවලදී දිවයිනේ සියලු ව්‍යායාම් මධ්‍යස්ථාන, ගෘහස්ත ක්රීඩාගාර සහ පිහිණුම් තටාක වසා තැබිය යුතුයි. මංගල උත්සව සදහා අවසර හිමිනොවසන අතර මනාළිය සහ මනාලයා ඇතුළු සහභාගි වන්නන් 10 දෙනෙකු සමග විවාහ ලියාපදිංචි වීමට අවසර හිමිවනවා. ගෘහස්ථ පුද්ගලික උත්සව සහ ආගමික උත්සව සදහා අවසර හිමිවන්නේ නැහැ.
සංචරණ සීමා ලිහිල් කෙරෙන අවස්ථාවලදී පූජනීය ස්ථාන, සිනමා ශාලා වසා තැබිය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.