Aboutceylon Online

කොත්මලේට දැඩි පොලිස් ආරක්ෂාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් 05 ක් (21) දින අලුයම සිට හුදකලා කල බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසිය.

කොත්මලේ කළුදුබුල , හපුගස්තලාව , විරපුර , බෙරමාන්න දකුණ සහ පහල ගොරකඔය යන ග්‍රාමසේවා වසම් හුදකලා කල බවයි බන්දුල වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

බෙරමාන සහ පහල ගොරකාඔය ග්‍රාමසේවා වසම් වල පෙර අසාදිතයන් ආශ්‍රිතයන් 140 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ අනුව 75 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්, නව අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් හුදකලා කල සෙසු ග්‍රාමසේවා වසම් වල පදිංචිව සිටින බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

හුදකලා කර ඇති එම ප්‍රදේශවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවා ඇත.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කඩවල වතු යාය හුදකලා කෙරේ.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන 315-ඒ ග්‍රාමසේවා වසමේ කැරොලයිනා කඩවල වතු යායේ කොටස (21) දින අලුයම 4 සිට හුදකලා කල බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

කැරෙලයිනා වතු යායට අයත් කඩවල වතු යායේ පවුල් 198 කට අයත් සමාජිකයන් 850 ක් පමණ පදිංචිව සිටින අතර එම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු මියයාමෙන් පසු සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ අනුව අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා එම ප්‍රදේශයට හුදකලා කර තැබිමට පියවර ගත් බවයි එම නිලධාරියා කියා සිටියේ.

හුදකලා කරන ලද ගිනිගත්හේන කඩවල වතුයායට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට , තවත් පිරිසක් පලා යයි,අත්අඩංගුවට ගත් පිරිස ස්වයං නිරෝධානයට යොමු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරය පවසයි.

සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති පි.භාරතිදාසන් මහතා ඇතුළු 07 දෙනෙකු (20) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.

සභාපතිවරයා ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකු එකතු කරගනිමින් තලවකැලේ ඉහල කොත්මලේ ජලාශය ඉහලින් පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි මෙම සාදය පවත්වා ඇත.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සභාපතිවරයා සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තලවකැලේ පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් සභාපතිවරයා සහ සෙසු අය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය එම ස්ථානයට යන අවස්තාවේ සාදයට සහභාගි වි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

තලවකැලේ සභාපති සාදය සදහා පැමිණි නගර සභාවේ කැබ් රථයද පොලිස් භාරයටය ගෙන ඇත.

නිරෝධායන නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ සෙසු 06 දෙනාට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කිරිමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දි ඇති බවද තලවකැලේ පොලිසිය පැවසිය.

මේ සම්බන්ධයෙන් අප කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සිද්ධියෙන් සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය තමන්ව දැනුවත් කර ඇති බවත්,  සාදයට සභාභාගි වු සියළු දෙනා ස්වයං නිරෝධානයට යොමු කර පි.සි.ආර් පරික්ෂණයට යොමු කිරිමට කටයුතු කරන බවයි.

හැටන් දික්ඔය නගර සභා සිමාව තුල (19) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 24 දෙනෙකු හදුනාගත් බවත්, අසාදිතයන් අතර එකම පවුලේ අසාදිතයන් 08 දෙනෙකු සිටින බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 39 දෙනෙකු ඉකුත් (17) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බවත්,එම පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 24 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

හැටන් ගාමිණිපුර අසාදිතයන් 11, මෙන්ඩිස් මාවත 05, විල්ප්‍රඩ්පුර 04, දික්ඔය 03, ආරියගම 01 වශයෙන් අසාදිතයන් හමු වි ඇත.

හැටන් ගාමිණිපුර අසාදිතයන් 11 දෙනා අතර එකම පවුලේ 08 දෙනා සිටින බවත්,අසාදිතයන් 24 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top