හෙට දිනයේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් ඉදිරි පැය කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරන උපදෙස් මාලාවට අනුව සියළු ජනතාව දීර්ඝ කාලීනව අනුගත විය යුතු බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
දිවයිනටම පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම 4 ට ඉවත් කෙරෙනවා. පොසොන් පොහොය හේතුවෙන් ලබන 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමටයි ඉකුත්දා තීරණය කළේ. 25 වනදා අලුයම 4 ට නැවත සංචරණ සීමා ඉවත් කෙරුණුද පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා.