Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රනිල් පාර්ලිමේන්තු යන හේතුව එළිවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාර්ලිමේන්තු යන්නට තමාගේ බලාපොරොත්තුවක් නොතිබූ නමුත් විශාල පිරිසකගේ බලපෑම් මත එහි යන්නට තීරණය කළේ අසාර්ථක වී ඇති කොරෝනා පාලනය හරි මඟට ගැනීම සඳහා යම් හඬක් නැගීමට යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මැයි මාසයේ තුන්වන සතියේ සිට රටටම බලපාන පරිදි දැඩි ලෙස සංචරණ සීමා පනවා සෞඛ්‍ය නීති රීති දැඩි කොට කොවිඞ් මර්දනය කරන්නට රජය කොතෙකුත් උත්සහ දැරුවත් එම කටයුත්ත ලේසි පහසු වූයේ නැත.

පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන්ද මේ සදහා විකල්පයක් ඉදිරිපත් කර නොතිබීම භයානක තත්ත්වයක් බව කී වික්‍රමසිංහ මහතා එවැනි අවස්ථාවක රට ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේදැයි සලකා බැලිය යුතුව තිබෙන බවද සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ දුරකථනයට ඉකුත් සතියේ නිදහසක් නොවීය. ඒ පාර්ලිමේන්තු යනවාදැයි විමසමින් ලද දුරකතන ඇමතුම් නිසාවෙනි. පාර්ලිමේන්තුව ඉකුත් සතියේ එක් දිනක් රැස්වූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත‍්‍රී ධුරයේ නායකයා දිව්රුම් දිය යුතු බවට යෝජනාවක් කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සම්මත වීම නිසා බොහෝ දෙනා සිතුවේ එදින නායකයා දිව්රුම් දෙනු ඇතිය කියාය.

පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු, රාජ්‍යතාන්ත‍්‍රිකයන්, හිතමිතුරන් මෙන්ම මාධ්‍යවේදීන් ද නායකයාගෙන් ඇසූ පොදු ප‍්‍රශ්නය වූවේ ”හෙට පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙනවාද?” යන්නය. ඒ සැමට නායකයා සැහැල්ලූවෙන් දුන් පිළිතුරු වූවේ ”තවම නෑ” යන්නය.

නමුත් එක්සත් ජාතික පක්ෂ නායකයා පාර්ලිමේන්තු එන පුවත මෙම සතියේ දේශපාලනය උණුසුම් කරන පුවතක් වූවේය. නායකයා පාර්ලිමේන්තු ගිය පසු විපක්ෂ කණ්ඩායම් ඔහු වටා එකතු වී විපක්ෂයේ බලවේගයක් ගොඩනගනු ඇතැයි පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් බොහෝමයකගේ අදහස විය.

 

Scroll to Top