Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාජ්‍ය – පෞද්ගලික අංශ සේවකයන් තවදුරටත් සීමා කරන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට ආයතන ප්‍රධානීන් වගබලා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

එසේම සියලුම වෙළඳ සහ ආර්ථික මෙහෙයුම් කටයුතු ද අවම සේවක පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළ යුතු බව ජනපතිවරයා පැවසුවේය.

ජනතාව ඒකරාශි වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ලබන විසි එක් වැනි දා අළුයම ඉවත් කෙරුණ ද පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය.

Scroll to Top