එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද(18) ආරම්භ වේ.
මෙම අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගනු ලැබුවේ 2019 වසරේ අගෝස්තු 01 වැනි දා සිට පැවැති තරගවලදී කණ්ඩායම් දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.
තරග 21කට සහභාගී වූ නවසීලන්තය ප්‍රසාද ලකුණු 123ක් ලබා එහි පෙරමුණේ රැඳී සිටින අතර දෙවැනි ස්ථානයට පත් වූයේ තරග 24කදී ප්‍රසාද ලකුණු 121ක් ලැබූ ඉන්දියාවයි.
ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා සෙන්කෝලය සමග හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම 6ක්. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31කට අධික වනවා. අනුශූරයින්ට හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් ලක්ෂ අටක්.
ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය සදහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටිනවා.