Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වැඩි කල ඉන්ධන මිලට විරෝධය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වැඩි කල ඉන්ධන මිලට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ සමාජිකයන් ගිනිගත්හේන නගරයේ විරෝධතාවයක නියැලෙයි.
රජය මගින් වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක්  ගිනිගත්හේන නගරයේ පිහිටි එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලි සිටිහ.

ජාතික සමගි ජන බලවේගයේ මස්කෙලිය ආසන සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි කපිල නාකන්දල මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලි සිටි ජාතික සමගි ජන බලවේගයේ මස්කෙලිය ආසන සංවිධායක කපිල නාකන්දල මහතා කියා සිටියේ මේක රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක්, ජනතාව මේ මොහොතේ නිවසට වෙලා නිහඩව හිටියත්, ඔහුන් රජයට කියන්නේ හෙන ගහපන් කියලා.

ජිවත් වෙන්න අමාරු වෙලාවක ඉන්ධන මිල වැඩි කරලා ජනතාවට පහර එල්ල කරලා තියෙනවා.

අපි ආණ්ඩුවට කියනවා කඩිනමින් ඉන්ධන සහනය ලබාදිලා ජනතාවට සහනයක් දෙන්න කියලා.

පොඩි මිනිහට තමයි ආණ්ඩුව ගහලා තියෙන්නේ, හැම බදු මුදලක්ම දරන්න වෙලා තියෙන්නේ අහිසංක ජනතාවට.

රු පන්දහසක දස දහස කෝ ? සමෘද්ධි කොටසකට දිලා තියෙනවා ඒ ගැන සතුටු වෙනවා , රුකියා අහිමි වුන අය බොහෝමයක් ඉන්නවා.

අහිසංක ජනතාවගේ හඩට ඇහුම්කන් දෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා යනුවෙන් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top