Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනතාවට සහන සැලසීමට සතොස වීවෘතව තබන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයින පුරා පවත්නා හදිසි තත්වය මත පැනවූ සංචරණ සීමා තුළ, අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පමණක් අවසරය  ලබා දීමට රජය ගෙන ඇති තීරණය මත මැයි 25, මැයි 31 සහ ජූනි මස 04 යන දිනයන් හිදී සියළුම සතොස අලෙවි සැල් මහජනතාවට විවෘතව තබන මෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද දින සතොස සභාපති ඇතුළු නිලධාරීන් සඳහා උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද සඳහා දැඩිව අනුගත වෙමින් නිවසින් එක් අයෙකුට පමණක් බැහැර වී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන මෙකී දිනයන්හිදී ආසන්නතම සතොස අලෙවිසැලට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ පහසුව මහජනතාවට ලබා දීම මෙම අවස්ථාවේදී අතිශය වැදගත් හා අත්‍යවශ්‍ය කර්තව්‍යයක් වන බැවින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘතව තැබීමටත්, නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමටත් එම අලෙවිසැල් වල සේවකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

එමෙන්ම මැයි මස 30 දින සිය ජුනි 07 දින දක්වා සංචරණ සීමා බලපැවැත්වෙන කාල සීමාව තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක සහන මළු ලබා ගැනීමටත්, ජංගම වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා අවසරය ලබා ඇති වෙළෙඳුන්ට අවශ්‍ය භාණ්ඩ තොග ලබා ගැනීමටත් සතොස විවෘත කිරීමට කටයුතු කරන මෙන් සතොස කාර්ය මණ්ඩලයට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.

Scroll to Top