Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජෝ සහ පුටින් අතර ඓතිහාසික හමුව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික හමුව ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.

ජෝ බයිඩ්න් ජනාධිපති පදවියට පත් වීමෙන් පසු රුසියානු ජනාධිපතිවරයා හමු වන පළමු අවස්ථාව මෙය වේ. දෙරට අතර පසුගිය කාලයේ දැඩි දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති වූ බැවින් රාජ්‍ය නායකයන්ගේ මේ හමුව අන්තර්ජාතික වශයෙන් වැඩි අවධානයක් යොමු වූ කරුණක් බවට පත් විය.

ජිනීවා නුවර විල අසල පිහිටා ඇති 18 වැනි සියවසට අයත් ඉපැරැණි මන්දිරයක පැවැති මේ සාකච්ඡාව පැවැති අතර, වසර 1985 දී එවකට අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් රුසියාවේ නායක මිහායල් ගොර්බචොව් අතර හමු වීම සිදු වූයේ ද මේ මන්දිරයේ වීම විශේෂත්වයකි.

Scroll to Top