Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයකට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පසුගිය ජුනි මස පළමු වැනිදා සිට මෙම ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ වු බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

කෙසේවෙතත් රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නව ක්‍රමවේදයන් යටතේ එම කටයුතු සිදුකරන බව ඔවුන් දැනුම්දී තිබේ.

එමෙන්ම www.elections.gov.lk යන මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ද පසුගිය වසරවල තොරතුරු ලබාගත හැකි බව එම කොමිසම සඳහන් කළේය.

එමෙන්ම මෙම තොරතුරු ග්‍රාම නිලධාරී හෝ වෙනත් නිලධාරියෙකු විසින් සහතික කිරීම අවශ්‍ය නොවන බව ද අවධාරණය කරයි.

Scroll to Top