Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 687 ක් – මරණ 59ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45,385 දෙනෙකු වාර්තා වී ඇති අතර ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 687 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

දිස්ත්‍රික්කයෙන් 90 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර මහර කොට්ඨාසයෙන් ආසාදිතයින්- 81 දෙනෙකුද, දොම්පෙ – 78 ක්, රාගම – 63 ක්, කටාන – 50 ක්, කැලණිය – 46 ක්, සීදූව – 43 ක්, මීගමුව – 41 ක්, වත්තල සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් 39 දෙනෙකු බැගින් ද , මීරිගම – 30 ක්, දිවුලපිටිය සහ ජාඇල – 27 ක්, අත්තනගල්ල – 25 ක්, මිනුවන්ගොඩ – 8 දෙනෙකු වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව හමුව ඇත.

ජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 788 දෙනෙකු ගත වූ දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,419කි.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛයාව 230,675ක් දක්වා ඉහළගොස් තිබේ.

Scroll to Top