Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දකුණු ආසියාවේ විශාලතම කෘෂිද්‍රව්‍ය නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද දින වැලිපැන්න අධිවේගී පිවිසුම අසල ඉදිකිරීමට යෝජිත කෘෂිද්‍රව්‍ය නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථාන භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක් වෙමිනි.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන වාසිදායක භූගෝලීය පිහිටීම අනුව ලංකාවේ නිෂ්පාදනය නොකෙරෙන හා ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කෙරෙන පරිප්පු, බාර්ලි වැනි කෘෂිද්‍රව්‍ය සුවිශාල තොග වශයෙන් ලංකාවට ආනයනය කර, දක්ෂිණ අධිවේගී මාර්ගය උපයෝගී කරගනිමින් වැලිපැන්න අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට යාබදව ඉදි කෙරෙන කර්මාන්තශාලා, ගබඩා සංකීර්ණ හා බන්දිත ගුදම් මඟින් යළි සැකසුම් කොට අගය එකතු කොට ආසියානු, අප්‍රිකානු හා මැදපෙරදිග කලාපයේ රටවලට ප්‍රතිඅපනයනය කිරීම සඳහා අක්කර 500ක වපසරියක් තුළ මෙම මධ්‍යස්ථානය ඉදි කෙරෙනු ලබයි.

මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරමින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර වෙළෙඳාම විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අන්තර්ජාතික වෙළෙඳ භාණ්ඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ සාකච්ඡා වට රාශියකින් පසුව එහි මූලික පියවර වශයෙන් ඕස්ට්‍රේලියානු ආයෝජන මත, පරිප්පු, බාර්ලි වැනි ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන වෙනත් රටවලට ප්‍රතිඅපනයනය කිරීම සඳහා එම නිෂ්පාදන මෙරටට ආනයනය කර, ඒවා සකස් කිරීම් හා ඇසුරුම් කිරීමට වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම අසල භූමි ප්‍රදේශය යොදාගැනීමේ ශක්‍යතාවය අධ්‍යයනය කරනු ලබන බවයි.

මෙම මධ්‍යස්ථානය ඇති කිරීමෙන් පසුව දේශීය හා විදේශීය වශයෙන් ආයෝජන සහිත කර්මාන්තශාලා, තොග ගබඩා ඇති වීමත්, ඒ තුළ බිහිවන රැකියා අවස්ථා හා විදේශ විනිමය උපයන මධ්‍යස්ථාන ඇති වීමත් පිළිබඳව ද  අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වන ලදී.

එමෙන්ම මෙරට තුළ දැනට පවත්නා අධිවේගී මාර්ග පද්ධතිය පදනම් කරගෙන වරාය හා ගුවන්තොටුපොළ වෙත ළඟා වීමට පහසු ස්ථානයක මෙම කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථානය ඇති කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙහෙයවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු කරන බවත්, ඒකාබද්ධ යාන්ත්‍රණය තුළ මෙරට ස්වභාවික පිහිටීම උපයෝගී කරගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් කල්පවත්නා ව්‍යාපෘතීන් දියත් කිරීම ඉතා වැදගත් වන බවත් අමාත්‍යවරයා හෙිදී ප්‍රකාශ කරන ලදී. .

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ ඉදිකරනු ලබන මෙම කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථානය හරහා ශ්‍රී ලංකාවට හා ඕස්ට්‍රේලියාවට සිය ආදායම් වර්ධනය කරගැනීමේ හැකියාව ලැබෙන බවයි.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ, නැගෙනහිර-බටහිර නාවික වෙළෙඳ මාර්ගයේ විශේෂ ස්ථානයක් හිමි කරගන්නා ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම, මෙවැනි වෙළෙඳ හුවමාරු මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා ඉතා වැදගත් වන බවයි. එමෙන්ම, අතීතයේ සිටම ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සමුද්‍රීය අසල්වාසීන් වන බවත්, නියං තත්ව හැරුණු කොට 2020 වර්ෂයේ සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩොලර් බිලියන 61ක් වාර්තා කළ ඉන්දු-පැසිෆික් කලාපයේ විශාලතම කෘෂිකාර්මික නිෂ්පාදකයා වන ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කරනු ලබන මෙම කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථානය හරහා ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික සැපයුම් ක්ෂේත්‍රය හා වෙළෙඳ භාණ්ඩ හෝ අගය එකතු කළ නිෂ්පාදන යන අංශයන්හි ඉතා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

මෙම නිරීක්ෂණ කටයුතු සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවෙල් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Scroll to Top