Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජීඑස්පී නැතිවුණොත් බලමු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යම් හෙයකින් ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමි වීමේ තත්වයක් ඇති වුවහොත් ඒ  සදහා ආර්ථිකමය වශයෙන් රටට  මුහුණ දීමට හැකි තත්වයක් ඇති කර ගන්නා බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එම සහනය අහිමි වීමෙන් තිබූ  වාසිය යම් විදියකට අවාසියකට හැරුණත්  ඒ අවාසිය මගහැරවෙන විදියට වෙනත් වාසි ලබා ගැනීමට කටයුතු කරන බව ද ඇමතිවරයා කියා සිටියේය.

යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වෙනු ඇතැයි අවවාද කර ඇති හෙයින් එම  අවදානම  හමුවේ තව දුරටත් දේශපාලනය නොකර එම සහනය ආරක්ෂා කිරීමට රජය වහාම කටයුතු කළ යුතු බවට  හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට කර තිබූ ප්‍රකාශයක් ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමති ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව කීවේය.

Scroll to Top