එක්ප්‍රස් පර්ල් නැවේ බලපෑම හේතුවෙන් මේ දක්වා මියගොස් ඇතැයි සැලකෙන කැස්බෑ මරණ සංඛ්‍යාව 30 ක් ඉක්මවන බව වන ජීවී ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩොල්පින් මසුන් 07 දෙනකු අවම වශයෙන් මිය ගොස් ඇති බවට එම ආරංචි මාර්ග සඳහන් කළේයග වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මිය ගිය කැස්බෑවන් අතර ශ්‍රී ලංකා වෙරළ තීරයට පැමිණෙන කැස්බෑවුන් වර්ග පහේම සිරුරු වාර්තා වී ඇති බවයි
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ ගතවූ සති දෙකක කාලය තුළ මියගිය කැස්බෑවන් අතර බටු කැස්බෑවන් 07 ක්ල පොතු කැස්බෑවන් 04 ක් සහ ගල් කැස්බෑවන් 04 ක් සිටින බවයි.