මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයින් 100 දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩොමීටර් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
මෙරට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 10,293 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම හඳුනාගත් එම ආසාදිතයින් අතරින් මරණයට පත්ව ඇති ගණන 1% කට ආසන්නය. පෙර සතියට සාපේක්ෂව ගෙවුණු සතියේ මරණ සංඛ්‍යාව 51% කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,23,163 කි.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 2,031දෙනෙක් සුවය ලබා ඊයේ (13) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,88,547කි.
ගත වූ පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
ඒ අනුව පසුගිය ඔක්තෝබර් සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 32,593කි.
අද දිනය තුළත් නිරෝධායන රිතී උල්ලංඝනය කරන්නන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් යොදා මෙහෙයුම් සිදු කරන බව ද පොලිසිය ප්‍රකාශ කරයි.