Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නැවතත් මිලිමීටර් 100 ඉක්මවූ තදවැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ රාත්‍රී නවයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එහි අගය මිලිමීටර් 99 ක්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මුදුගමුව ප්‍රදේශයට මිලිමීටර් 78 ක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කීරගල ප්‍රදේශයට මිලිමීටර් 72 යි දශම 5 ක වර්ෂාපතනයක් ද ලැබී තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළව නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහාපොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදුප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොටහරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

Scroll to Top