චීනයේ ‘එක් තීරයක් – එක් මාවතක්‘ නව අන්තර්ජාතික ව්‍යාපාර සැලැස්මට අභියෝග කරමින් ලොව පුරා අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී රටවලට සහයෝගය දීම සඳහා නව ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට දකුණු දිග එංගලන්තයේදී ඊයේ නිමාවට පත් වූ ලොව ධනවත් රටවල් හතේ කණ්ඩායමේ (G-7) 47 වැනි සමුළුවේදී තීරණය වී ඇත.
‘වඩා හොඳ ලෝකයක් යළි ගොඩ නැඟීම‘ නමින් හඳුන්වනු ලබන මේ නව ආර්ථික සැලැස්ම දේශගුණික හිතකාමීත්වයෙන් හා විනිවිදභාවයකින් යුතුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් පුවත් සඳහන් කළේය.
මෙමගින් ලොව පුරා අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී රටවල යටිතල පහසුකම් නැංවීමේ චීන ආර්ථික සැලැස්මට දැඩි තරගයක් දීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ වී තිබේ.
වසර 2035 වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ඩොලර් ට්‍රිලියන 40ක අවශ්‍යතාව සම්පුර්ණ කිරිම G – 7 සමුළුවේ රාජ්‍ය නායකයන්ගේ අපේක්ෂාව වී ඇත