Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගිනිගත් නැවේ බලපෑම නිසා මරණ සංඛ්‍යාව ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මුහුදු පද්ධතියට සිදුවූ හානිය තවදුරටත් වැඩි වෙමින් තිබෙනවා.

ගතවූ සති දෙකක කාලය තුළ පමණක් මෙහි බලපෑම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන කැස්බෑවන් 28 දෙනෙකු වෙරළ තීරයන් වෙත ගොඩගසා ඇති බවයි වනජීවී හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මියගිය මුහුදු ජීවීන් අතර ඩොල්ෆින් මත්ස්‍යයින් 05 දෙනෙකුද වනවා. මෙම මිය ගිය කැස්බෑවන් සහ ඩොල්ෆින් මත්ස්‍යයින් වැල්ලවත්ත, දෙහිවල, මොරටුව, එගොඩඋයන, පානදුර, කොස්ගොඩ, ඉදුරුව, ගාල්ල, උණවටුන, කුඩාවැල්ල, මාරවිල සහ තුඩුවාව යන වෙරළ තීරයන්වලට ගොඩගසා තිබුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් බලපෑම් එල්ල වූ වෙරළ ප්‍රදේශවල ධීවර කටයුතු අහිමි වූ ධීවර පවුල්වලට රුපියල් 5,000 සේ දීමනාව ජුනි 15 වනදා සිට ලබාදීමට නියමිතය.

ඒ අනුව ධීවර පවුල්වල සාමාජිකයකයින් 9,883කට ජූනි 15 වනදා සිට එම දීමනාව ලබා දෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

Scroll to Top