Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් උද්ඝෝෂනයක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් (11) දින වැඩ වර්ජනයක නිරත වෙමින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත විය.

සෞඛ්‍ය අංශයේ වෘත්තිය සමිති ගණනාවක සේවක සේවිකාවන් (11) දින උදැසන සිට රෝහලේ දෛනික සේවාවන් වලින් ඉවත් වි මධ්‍යහන 12 සිට පස්වරු 1 දක්වා රෝහල් පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත විය.

ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් හෙදියන් සහ සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙසේ වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයේ නිරත වි සිටියේ.

හෙදියන්ගේ සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

දික්ඔය මුලික රෝහලේ සහ මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වෙයි, වතුකරයේ රෝගින් අසිරුතාවයට

දික්ඔය මුලික රෝහලේ සහ මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් (11) දින වැඩ වර්ජනයක නිරත වෙමින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත විය.

සෞඛ්‍ය අංශයේ වෘත්තිය සමිති ගණනාවක සේවක සේවිකාවන් (11) දින උදැසන සිට රෝහලේ දෛනික සේවාවන් වලින් ඉවත් වි මධ්‍යහන 12 සිට පස්වරු 1 දක්වා රෝහල් පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත විය.

ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් හෙදියන් සහ සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙසේ වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයේ නිරත වි සිටියේ.

හෙදියන්ගේ සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දික්ඔය මුලික රෝහලට සහ මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top