කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් අසාදිතයන් 30 හමුවෙයි, ඒ අතර තලවකැලේ පොලිසියේ නිලධාරියෙකු ඇතුළු පවුලේ සමාජිකයන් සිව් දෙනෙක්.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (12) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 30 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන් අතර තලවකැලේ පොලිසියේ නිලධාරියෙකු ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් සිව්දෙනෙකු සිටින බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
තලවකැලේ පොලිසියේ නිලධාරියාගේ බිරිද තලවකැලේ නගරයේ පෞද්ගලික පාවහන් අලෙවි වෙලදසැලක සේවය කරන බවත්,එම පාවහන් වෙලදසැලට පැමිණි පාරිභෝගිකයෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වි මියයාමෙන් අනතුරුව එම පාවහන් වෙලදසැලේ සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කර පසුව එම සේවකයින්ගේ පවුල්වල සමාජිකයන්ගෙන් සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව පොලිස් නිලධාරියාගේ පවුලේ සමාජිකයන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
එම අසාදිතයන්ට අමතරව අසාදිතයන් වැඩි පිරිසක් කොටගල මවුන්ට් වර්නන් වතු යායෙන් හමු වි ඇති බවත්, එම අසාදිතයන් අතරද එකම පවුලේ සමාජිකයන් විශාල පිරිසක් සිටින බවයි කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 347 දෙනෙකු හදුනාගෙන ඇති බවත්, කොවිඩ් මරණ 38 ක් සිදු වි ඇති බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.
හුදකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයේ වතු 04 කින් අසාදිතයන් 51 දෙනෙක් හදුනාගැනේ, වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන්.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තවදුරටත් හුදකලා කර ඇති වතු 04 කින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 51 දෙනෙකු (11) දින හදුනාගත් බවත්, එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
බගවන්තලාව වත්ත ඉහල කොටසින් අසාදිතයන් 28 ක් , හැටන්ඇන්ෆිල්ඩ් වතු යායෙන් අසාදිතයන් 11 දෙනෙක් ,බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායෙන් ආසාදිතයන් 08 දෙනෙක් , ඉන්වරි වතු යායෙන් 03 ක් සහ බටල්ගල වතු යායෙන් 01 අසාදිතයෙක් වශයෙන් හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
බගවන්තලාව වත්ත ඉහල කොටසේ සහ හැටන් ඇන්ෆිල්ඩ් වත්තේ හමු වු අසාදිතයන් එකම පවුලේ සමාජිකයන් බවත්,පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වු නව අසාදිතයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව නව අසාදිතයන් හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට අසාදිතයන් 716 දෙනෙකු හමු වි ඇති බවත්, කොවිඩ් මරණ 18 ක් සිදු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩිදුරටත් කියා සිටියේ.
ලිදුල ප්‍රදේශයෙන් නව අසාදිතයන් 45 දෙනෙක් හදුනා ගැනේ , වතු නිවාස පේලියක අසාදිතයන් 22 ක් ,වතු නිවාස පේලියට සංචරණ සිමා පැනවේ.
ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (11) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 45 දෙනෙකු හදුනාගත් බවත්,එම අසාදිතයන් අතර නානුඔය වතු යායේ වතු නිවාස පේලියක අසාදිතයන් 22 දෙනෙකු හදුනාගත් නිසා එම වතු නිවාස පේලියට (11) දින සංචරණ සිමා පැනවු බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
සෙසු අසාදිතයන් අතර, ඩයගම රජයේ සත්ව ගොවිපොලේ අසාදිතයන් 16 දෙනෙකු අනෙකුත් අසාදිතයන් තලවකැලේ රත්නිල්ලකැලේ සහ ඊට යාබදව පිහිටි ගම්මාන කිහිපයකින් වාර්තා වු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට අසාදිතයන් 337 දෙනෙකු වාර්තා වි ඇති බවත්,කොවිඩ් 19 වෛරසය අසාදනය වි 02 දෙනෙකු මියගොස් ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
කොටගලින් නව අසාදිතයන් 29 දෙනෙක් හදුනාගැනේ අසාදිතයන් 17 ක් එකම වතු නිවාස පේලියක පදිංචිකරුවන්
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් නව කොවිඩ් අසාදිතයන් 29 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන් අතරින් 17 දෙනෙකු හැටන් කොටගල පොරොස්ක්රික් වතු යායේ එකම වතු නිවාස පේලියක පදිංචිකරුවන් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
එම වතු නිවාස පේලියේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි අසාදිතයන් දෙදෙනෙකු මිය යාමෙන් අනතුරුව මිට ප්‍රථම ආසාදිතයන් ගණනාවක් හමු වු බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 17 දෙනා හදුනාගත් බවත්,සෙසු අසාදිතයන් හැටන් කොටගල පතන ප්‍රදේශයේ සහ කොටගල කොමර්ෂල් සහ ග්‍රෙග්ලි වතු යායෙන් හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 අසාදිතයන් 309 දෙනෙකු හමු වි ඇති බවත්, කොවිඩ් මරණ 10 ක් සිදු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
බගවන්තලාව ප්‍රදේශයේ වතු නිවාස 15 ක් හුදකලා කෙරේ
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස (12) දින සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
(11) දින එම වත්තෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 28 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් නිසා වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා බගවන්තලාව වත්තේ මැද කොටස හුදකලා කිරිමට පියවර ගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
හුදකලා කර ඇති බගවන්තලාව වත්ත මැද කොටසේ පවුල් 114 කට අයත් සමාජිකයන් 374 දෙනෙකු සිටින අතර,එම වතු යායේ පහල කොටසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 15 දෙනෙකුගේ ආශ්‍රිතයන් හුදකලා කර ඇති වතු නිවාස පේලිවල පදිංචි නිසා එම කොටසෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ අනුව නව අසාදිතයන් 28 දෙනා හදුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කිරිමත් සමග එම වතු යායට බගවන්තලාව පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
අත්‍යවශ්‍ය සේවා බව පවසමින් හැටන් නගරයේ විවෘත කර තිබු දුම්වැටි අලෙවි නියෝජිත ආයතනයක් වසා දැමිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කෙරිණ.
අත්‍යවශ්‍ය සේවා බව පවසමින් ආයතන ප්‍රධානියෙකු විසින් ලබාදුන් ලිපියක් උපයෝගි කරගනිමින් හැටන්නගරයේ විවෘත කර තිබු දුම්වැටි අලෙවි නියෝජිත ආයතනයක් (12) දින වසා දැමිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කෙරිණ.
(12) දින උදැසන සිට එම අලෙවි නියෝජිත ආයතනය විවෘත කර ප්‍රදේශයේ දුම්වැටි තොග වශයෙන් අලෙවි කර ඇති බවට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම ආයතනය වෙත යන විටත් ඔහුන් දුම්වැටි ප්‍රදේශයේ විවෘත කර ඇති වෙලදසැල් වෙත අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.
හැටන් පොලිසියේ නිලධාරින් අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් ලබා දිය හැක්කේ ප්‍රාදේශිය ලේකම්වරයාට පමණක් බව දුම්වැටි අලෙවි නියෝජිතවරයා වෙත දැනුම් දිමෙන් පසු දුම්වැටි අලෙවි ආයතනය වසා දැමිමට පියවර ගැණින.
හැටන් – රංජිත් රාජපක්ෂ