මාර ගසක විශාල අත්තක් බස් නැවතුම්පොලකට කඩා වැටිමෙන් බස් නැවතුම්පොල තුල වැස්ස හේතුවෙන් රැදි සිටි තරුණයන් තිදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව එක් තුවාලකරුවෙකුගේ තත්ත්වය බරපතල නිසා එම තුවාලකරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
(12) දින පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශ වේල්ලට යාබදව පිහිටි ඔස්බොන් වත්ත ප්‍රදේශයේදිය.
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට (12) දින පස්වරුවේ අධික වර්ෂාවක් පතිත වු බවත්, වර්ෂාවත් සමග ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලගත් සමග බස් නැවතුම්පොල අසල පිහිටි විශාල මාර ගසක අත්තක් කඩා වැටි ඇති බවත්, අත්ත කඩා වැටිම හේතුවෙන් බස් නැවතුම්පොලද සම්පුර්ණයෙන්ම විනාශයට පත් වි වැස්ස හේතුවෙන් බස් නැවතුම්පොල තුල රැදි සිටි තරුණයන් තිදෙනා තුවාල ලබා ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.
ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන් එක් ව ගසේ අත්තට සහ කඩා වැටුණු බස් නැවතුම්පොලේ සිර වි සිටි තරුණයන් තිදෙනා ඉන් මුදවාගෙන රෝහල් ගත කර ඇත.
මාර ගසෙහි අත්ත කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය කිහිපයක් ඇණ හිට තිබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ