හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන කොටගල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදන වු අසාදිතයන් විශාල පිරිසක් හමු වු වතු ආශ්රිත ප්‍රදේශවල ජිවත් වන අවුරුදු 60 වඩා වයසැති ජෙෂ්ඨ පුරවැසියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම කොටගල දමිල මහා විද්‍යාලයේදි (13) දින ආරම්භ කර ඇත.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් කොටගල ග්‍රාමසේවා වසමේ පදිංචි ජෙෂ්ඨ පුරවැසියන් 1100 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කරනු ලබාදෙන බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් , යුධ හමුදා නිලධාරින් , දිඹුල පතන පොලිසියේ නිලධාරින් , ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන වල සහයෝගය ඇතිව මෙම එන්නත් මාත්‍රාව ලබාදිමේ වැඩසටහන දියත් කෙරිණ.
එන්නත් මාත්‍රාව ලබාදිම කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකුලව සිදු කෙරිණ.
හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 347 දෙනෙකු හදුනාගෙන ඇති බවත්, කොවිඩ් මරණ 38 ක් සිදු වි ඇති බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ