Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මන්දකට හසු වූ ගෝනෙකු මුදවා ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචරණ සිමා පනවා තිබියදි දඩයම්කරුවන් විසින් තේ වත්තේ අටවා තිබු මන්දකට හසු වි සිටි දැවැන්ත ගෝනෙකු මන්දෙන් ගලවා රක්ෂිතයට මුදා හැරිමට නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් (11) දින සමත් වි ඇත.

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් නෝටන්බ්‍රිජ් විදුලිපුර ප්‍රදේශයේ තේ වත්තක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට ගෝනා හසු වි ඇති අතර,මන්ද අටවා තිබු විශාල දණ්ඩක් ගලවාගෙන ගෝනා තේ වත්ත වෙතට දිව ගොස් තේ පදුරු අතර සිර වි සිටිහ.

ගෝනෙකු මන්දකට හසු වි සිටින බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරු මත නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් ගෝනා මන්දට හසු වු ස්ථානයට ගොස් මන්දට හසු වි සිටි වයස අවු 04 පමණ වයසැති ගෝනා මුදාගෙන නෝටන්බ්‍රිජ්  රක්ෂිතයට මුදා හැර ඇත.

මන්ද ඇටවු පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනිමට වනජිවි නිලධාරින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top