ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම දිනයෙන් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින උදෑසන 4ට ඉවත්කිරීමට නියමිතය.
රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත් සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් දිගටම පවත්වන සීමා සම්බන්ධයෙන් අද (11) දිනයේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ අතර මත්පැන් ශාලා වසා දැමීමද විවාහ මංගල්‍ය උත්සව තහනමද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ග වලින් දන ගන්නට ඇත.