Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොවිඩ් හැදෙන්නේ නැති වනජිවි නිලධාරින්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගහ කොල වන සතුන් සහ මහජනතාව සමග නිරත්නතරයෙන් කටයුතු කරන වනජිවි නිලධාරින් කොවිඩ් මර්ධන එන්නත ලබා නොදිම සම්බන්ධයෙන් ඉදිරියේදි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹෙන බව ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

ප්‍රභාෂ් කරුණාතිලක මහතා හැටන් ප්‍රදේශයේ මන්දකට හසු වි සිටි වන සතෙකු බේරා ගැනිමට පැමිණි අවස්තාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කොවිඩ් වෛරසය සමයේ, ඇදිරි නිති , සංචරණ සිමා පැවතියද පැය 24 පුරාවටම ගහ කොල සතා සිව්පාවාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවිමෙන් වැඩ කරනවා.

මේ දිනවල රජය විසින් ගෙන්වනු ලබන විදේශියන්ගේ මාර්ග උපදේශ වෙනුවෙන් සංචරක ක්ෂෙත්‍රයට සෘජු දායකත්වයක් දක්වමින් රටේ ආර්ථිකයට දායකත්වයක් දක්වනවා.

වන අලි පලවා හැරිම්,වන සතුන් ආරක්ෂා කර ගැනිම් ,වන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනිම් වැනි කටයුතු සදහා මහජනතාව සමග සෘජුවම සම්බන්ධ වෙන්න සිදු වෙනවා.

මෙලෙස මහජනතාව සමග සම්බන්ධතා පවත්වන වනජිවි නිලධාරින්ට කොවිඩ් මර්ධන එන්නත ලබා නොදිම ඉතාමත් කේදනිය තත්ත්වයක්.

අපිට කොවිඩ් හැදෙන්නේ නැද්ද ? රාජකාරි විතරක් බලාපොරෙත්තු වෙන්නේ ඇයි?

අපි හිතනවා රජය වනජිවි නිලධාරින්ට එන්නත් ලබාදි රාජකාරිය පහසු කරයි කියලා.

එසේ නැත්නම් මේ නිලධාරින්ගේ ආරක්ෂාව තකා අපිට ක්‍රියාමාර්ගයකට එලඹෙන්න සිද්ද වෙනවා යනුවෙන් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top