සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 67 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1910 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ගෙවුණු දිනයේ (09) කොවිඩ් මරණ වාර්තා වී නොමැති අතර තහවුරු කරන ලද මරණ වාර්තා වී ඇත්තේ, මැයි 17 වනදා සිට මැයි 31 දක්වා මරණ 19 ක් සහ ජුනි 01 සිට ජුනි 08 දක්වා මරණ 48ක් ලෙසයි.
තහවුරු කළ මරණකරුවන් අතරින් 43 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 24 දෙනා කාන්තාවන් ය.
නිවසේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් වන අතර තවත් 05 දෙනෙකු මිය ගොස් ඇත්තේ රෝහල්ගත කරන අවස්ථාව වන විටයි.
මේ අතර ඊයේ දිනය තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයින් 2,735 දෙනෙකු වාර්තා වී තිබෙනවා.