නව පරිසර පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඒ යටතේ පරිසර නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව පනවන දඩ මුදල් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවයි.
ඒ අනූව දැනට රුපියල් 5000 ක සීමාවේ පවතින පරිසර නීති කඩ කිරීමට එරෙහි දඩ මුදල, රුපියල් ලක්ෂයේ සීමාව දක්වා ඉහළ නැංවෙනු ඇති.
මේ අතර ජාතික පරිසර ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරි සැලැස්ම ද ඉදිරියේදී අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බව ලේකම්වරයා සඳහන් කළේ ය.