ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අධිනීතීඥ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි කුරුකුලරත්න මහතා මියයන විට 78 හැවිරිදි වියේ පසුවිය.
ඔහු තිදරු පියෙකි.
ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවරයකු ලෙස 1989 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු 1994 වසර දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයකු ලෙස ද කටයුතු කළේය. බුද්ධික කුරුකුලරත්න මහතා 1966 දී පමණ ජනතා පුපත්පතේ කර්තෘ මණ්ඩලයට එක්වෙමින් සිය මාධ්‍ය දිවිය ආරම්භ කළේය.
ඒ අතරතුර නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු නීති උපාධිය හැදෑරීය.
එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූ ‘සියරට’ පුවත්පතේ කතුවරයා ලෙස ද කටයුතු කළ කුරුකුලරත්න මහතා ඉරිදා ලක්බිම පුවත්පත සඳහා ‘අම්බලන්ගොඩයා’ නමින් ලිපි පෙලක් ද රචනා කළේය.
ඔහුගේ දේහය හෙට (10) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී පස්වරු 4.00ට සිදුකෙරේ.