Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වැඩි මිලට මත්පැන් විකුණා මාට්ටූ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචරණ සිමා පනවා තිබියදි බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලට මත්පැන් අලෙවි කල සැකකරුවෙක් මෙරට නිෂ්පාදිත රජයේ අනුමත මත්පැන් බෝතල් 32 ක් සමග (09) දින අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

හුදකලා කර ඇති බගවන්තලාව කොටියාගල වතු යායේ වතු කම්කරුවන්ට අධික මිලකට මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත (09) දින වැටලිමක් සිදු කර සැකකරු සහ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තම නිවසේ මත්පැන් බෝතල් තොගය සගවා ඉතා සුක්ෂම ලෙස අලෙවි කරමින් සිටි බවත්, මත්පැන් බෝතලයක් රු හාරදහසක් වැනි අධික මිලකට අලෙවි කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරු ඇප මත මුදා හැර ඇති අතර , සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top