අද සහ හෙට (08 සහ 09) දිනවලදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක.
මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංබස්නාහිර සිට නිරිතදක්වා වන දිශාවලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට හම්බන්තොට හරහාපොතුවිල් දක්වාසහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක් යොදවා තෙබෙන බව නාවික හමුදාව පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එම සහන කණ්ඩායම් යොදවා ඇත.
නාවික හමුදාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද සහය ඇතිව වක්වැල්ල පාලම තුල සිර වූ දැව කදන් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුමක් ද සිදු කරයි.
එමෙන්ම ජා ඇල දඬුගං ඔයෙහි ඉවුරු කැඩි යාමෙන් අවට ප්‍රදේශ ගං වතුර අවදානමකට ලක්වී තිබූ අතර එම අවදානම වැලැක්වීම සඳහා වැලි කොට්ට යොදා ඉවුරු පිළිසකර කිරීමේ මෙහෙයුමක්ද නාවික හමුදාව සිදු කර තිබේ.
පසුගිය දින කිපය තුළ ඇද හැලුන දැඩි වර්ෂා පතනය නිසා ජාඇල ප්‍රාදේශිය ලේකම් කොටිඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 57 න් වසම් 36 ක් ගංවතුරට යටවි ඇති බව ජාඇල ප්‍රාදේශිය ලේකම් ආසිරි විරසේකර මහතා පවසයි.
මේ තත්ත්වය නිසා පවුල් 4,913 පිඩාවට පත්ව ඇති අතර අවතැන්වු පුද්ගල සංඛ්‍යාව 18,357 වන බවද ප්‍රාදේශිය ලේකම් වරයා සදහන් කළේය.මේ අතර පුර්ණ නිවාස හානි 10 ක්ද වන බව හෙතෙම පවසා සිටියේය.
ජාඇල නගරාධිපති ශම්ම්ක ඩයස් මහතා පවසා සිටියේ ජාඇල ඇල ඉවුරේ පැති බැමිමේ එක් කොටසක් අධික ජල පහරට ලක්ව කැඩියාම නිසා ජලය පිටාර ගලා ඒ අවට පිහිටි ඉදිවිටිය,බෝධිරාජ මාවත,පාරිස් පෙරේරා පෙදෙස,දීපිකා ගමිමානය,කලඑලිය ගමිමානයේ නිවාස රැසක් සහ සුපිරි නිවාස සංකිර්ණයක් වු ජාඇල ලේක් සිටියේ නිවාස 500 කට ආසන්න ගණනක් ගංවතුරෙන් යටවි දැඩි අලාභ හානි සිදුව ඇති බවය.
දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ දිස්ත්‍රික්ක 10කට බලපෑ ගං වතුර සහ නායයෑම් හේතුවෙන් දින හතරක් තුළ දී සිදුවූ මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
තවත් අයෙක් අතුරුදන්ව සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ආපදා තත්වයෙන් පවුල් 55,428 කට අයත් 2,19,870 කට වැඩි පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (පූර්ව දැනුම්දීම්) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් පීඩාවට පත්ව සිටිති.