Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලුණු මිළ අඩු කිරිමේ හේතුවේ හෙළිවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,  පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණු නිෂ්පාදනය කෙරෙන පුත්තලම් ලුණු සමාගම, පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදනාගාර හා ලුණු ලේවා වල නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක් වෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පසුගිය දින වල මෙරට මුහුදු තීරය තුළ නෞකාවක් ගිනි ගැනීම හේතුවෙන් මෙරට ලුණු කර්මාන්තය කඩා වැටී, ලුණු හිඟයක් ඇති වන බවට අනිසි මතවාදයන් මවා පෑමට විවිධ පාර්ශ්වයන් උත්සාහ දැරුවද කිසිදු හිඟතාවයකින් තොරව ඉදිරි වසරකට අවශ්‍ය ලුණු තොග රාජ්‍ය හා පෞද්ගලික අංශ සතුව පවතින බවත් එමෙන්ම තවත් වසරක පරිභෝජනය සඳහා ලුණු නිෂ්පාදනයට අවශ්‍ය මුහුදු ජලය මීට මාස 03ක පමණ කාලයක සිට රැස් කර අදාල ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට භාජනය කෙරෙමින් පවතින බවයි.

එමෙන්ම මේ වන වි‌ට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදන ආයතන හා ඉදිරි විනිමය ගිවිසුමකට එළඹෙමින් පවත්නා මිළට වඩා අඩුවෙන් වසරක කාලයක් පුරා  ස්ථාවර මිළකට සතොස අලෙවිසැල් ජාලය හරහා ලුණු අලෙවි කිරීමට කටයුතු සලසා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ලුණු කැට කිලෝවක් රු.43/=කටත් ලුණු කුඩු ග්‍රෑම් 400ක් රු.35/=කටත් කිසිදු හිඟයකින් තොරව අලෙවි කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

lunu

ඒ අනුව මෙරට ලුණු අතිරික්තයක් පවතින බවට අවධාරණය කළ අමාත්‍යවරයා, රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළකට ලබා දීමට සතොස හරහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද ප්‍රකාශ කරන ලදී.

මෙම නිරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ මහතා, පුත්තලම් ලුණු සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂකතුමා, සාමාන්‍යාධිකාරීතුමා ද, පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි පෞද්ගලික ලුණු නිෂ්පාදන ආයතන හිමිකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

Scroll to Top