කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති සංචරණ සිමා හමුවේ සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතිය විසින් හැටන් ප්‍රදේශයේ ග්‍රාමිය සහ වතු ප්‍රජාව වෙසෙන ප්‍රදේශ වෙත ගොස් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය අලෙවි කිරිමේ වැඩසටහනක් (04) දින සිට ආරම්භ කල බව එම සමිතියේ සභාපති සරත් වික්‍රමසිංහ මහතා පැවසිය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මධ්‍යම පලාත් සමුපකාර තොග ගබඩාවෙන් මිල දි ගෙන එම ආහාර ද්‍රව්‍යය හැටන් සමිති ප්‍රධාන කාර්යාලයේදි ඇසුරුම් කර ලොරි රථ වලින් හැටන් ප්‍රදේශයේ ග්‍රාමිය සහ වතු ප්‍රජාව වෙසෙන ප්‍රදේශ වෙත ගොස් වෙලදපොලේ පවතින මිලට වඩා අඩු මිලට ආහාර ද්‍රව්‍යය අලෙවි කරන බවද එම සමිතියේ සභාපතිවරයා කියා සිටියේ.
සමුපකාර තොග ගබඩාවෙන් මෙසේ මිල දි ගත් ආහාර ද්‍රව්‍යය තම සමිතියේ ප්‍රාදේශික මගින්ද අලෙවි කරනු ලබන අතර, ජංගම රථ වලින් පනවා ඇති සංචරණ සිමා අවසන් වන තෙක් අලෙවි කරන බවද හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසිය.
සමුපකාර සමිතිය මගින් ආහාර ද්‍රව්‍යය බෙදා හැරිමේදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුකුලව ආහාර ද්‍රව්‍යය අලෙවි කරන බවත්, පාරිභෝගිකයන්ටද ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසට උපදෙස් ලබාදිමක්ද සිදු කර ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ