Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එකම පවුලේ 13 දෙනෙකුට සහ කොටගල 24 කට කොවිඩ්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ කටුකැලේ වතුයායේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අසාදිතයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු එකම පවුලේ 13 දෙනෙකුට ඇතුළු කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ 24 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (04) දින තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.

එකම පවුලේ අසාදිතයන් 13 දෙනාට අමතරව , තලවකැලේ නගරයෙන් 05  දෙනෙක් , කොටගල රොසිටා , යැදන් සයිඩ් , සමාදානපුරම් යන ප්‍රදේශවලින් සෙසු අසාදිතයන් හමු වු බවත්, අසාදිතයන් 24 දෙනා පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වු නිසා එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර මැයි (31) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ 96 කින් නව අසාදිතයන් 24 දෙනා හදුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

පෙර අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන නොයැමෙන් එකම පවුලේ සෙසු සමාජිකයන්ටද කොවිඩ් 19 වෛරසය අසාදනය විම විශාල වශයෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top