Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිනි අළු සහ මළසිරුරු කොටස් කෙසෙල්ගමුඔයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නොර්වුඩ් අදහනාගාරයේ අදහනය කරන සිරුර වල මිනි අළු සහ දැඩි ඉතිරි වන සිරුරු කොටස් කෙසෙල්ගමුඔයට ඉතා සුක්ෂම ලෙස මුදා හරින බවට ප්‍රදේශවාසින් චෝදනා කරයි.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පිහිටි අදහනාගාරයේ මේ දිනවල අදහනය කරනු ලබන සිරුරවල මිනි අළු සහ දැවි ඉතිරි වන සිරුරු කොටස් එහි සේවකයින් විසින් අදහනාගාරය අසලින් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයට මුදා හරින බවට ප්‍රදේශවාසින් චෝදනා කරයි.

නොර්වුඩ් අදහනාගාරයට මේ දිනවල කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අසාදිතයන්ගේ සිරුර දිනපතා අදහනය කිරිමට රැගෙන එන බවත්,එම සිරුරු අදහනය කිරිමෙන් පසු එහි සේවකයින් විසින් ඉතා සුක්ෂම ලෙස අදහනය කල සිරුරුවල මිනි අළු සහ ඉතිරිවන සිරුර කොටස් කෙසෙල්ගමුඔයට බැහැර කිරිම සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශිවාසින් කිහිප දෙනෙකුද සිය විරෝධය දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් අප එම අදහනාගාරයේ භාරව සිටින සේවකයෙකුගෙන් කල විමසුමකට එම සේවකයා කියා සිටියේ හින්දු භක්තිකයන්ගේ සමාන්‍ය මරණවල සිරුරු අදහනය කර එම සිරුරු වල මිනි අළු ඔහුන්ගේ ඥාතින් වෙත භාර දිමෙන් පසු එම ඥාතින් විසින් එම මිනි අළු හින්දු චාරිත්‍ර අනුව කෙසෙල්ගමුඔයේ දිය කරන බවයි.

keselgamuoya

කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය යන අයගේ අදහනය කිරිමෙන් පසු ඉතිරිවන මිනි අළු සහ සිරුරු කොටස් අදහනාගාරය අවට වලක් කපා එහි වල දමන බවයි .

ප්‍රදේශවාසින් චෝදනා කරන පරිදි කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අයගේ අදහනය කරන අයගේ සිරුරු වල මිනි අළු සහ සිරුරු කොටස් කෙසෙල්ගමුඔයට බැහැර නොකරන බවයි.

අදහනාගාරයට පහලින් කාසල්රි ජලාශය වන තෙක් නොර්වුඩ් ප්‍රදේශවාසින් රැසක් කෙසෙල්ගමුඔයේ ජලය දෛනික කටයුතු සදහා භාවිතා කරනු ලබයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top