Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පෙරේදා එල්ලවූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් ප්‍රකට අන්තර්ජාල සේවා සපයන සමාගමේ සේවා බිදවැටීමක් ?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය මැයි (30) දින ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ප්‍රකට සමාගමක නිළ වෙබ් අඩවියට එල්ලවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මාධ්‍ය නිවේදනයක් හරහා දැනුම් දීමට කටයුතු කෙරිණි.

එම අන්තර්ජාල සේවා සපයන සමාගම විසින් හදුන්වා දී ඇති ජංගම දුරකථන යෙදුමක්, එම අන්තර්ජාල සේවා සපයන සමාගමෙහි පාරිභෝගිකයන්ට තමන්ට හිමි දත්ත පරිමාව සම්බන්ධයෙන් බලාගැනීමට තිබූ වෙබ් පිටුවක් සයිබර් ප්‍රහාරය එල්ලවූ පසුගිය (30) දින සිට ඊයේ ජූනි (1) උදෑසන දක්වා යම් බිද වැටීමකට ලක්වී ඇතැයි සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා පරිශීලකයන් පළකර තිබූ මැසිවිලි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

30 එල්ල වූ සයිබර් ප්‍රහාර හේතුවෙන් එම සමාගමෙහි මෙම සේවා බිද වැටීම සිදුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සැක මතුව තිබේ. තවද මෙම සයිබර් ප්‍රහාරකයන් යම් දත්ත සොරාගැනීමක් සිදුකර තිබිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

Scroll to Top