Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජපානයෙන් ශ්‍රී ලංකාවට ජිම්නාස්ටික් උපකරණ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු සුගියම අකිරා මහතා විසින්, 2021 මැයි මස 21 වන දින, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ද සහභාගිත්වයෙන් යුක්තව පැවැත්වීමට යෙදුණු චාම් උත්සවයකදී, ජපානයේ ජිම්නාස්ටික් සංගමය වෙතින් පරිත්‍යාග කරන ලද ජිම්නාස්ටික් උපකරණ තොගයක් ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.ඒ.කේ. ජීවන්ත මහතා වෙත භාරදීම සිදු කරන ලදී.

මෙම උපකරණ තොගය වොල්ටිං ටේබල්, වොල්ටිං ටේබල් සඳහා වන ධාවන පථයක්, වොල්ටිං බෝඩ්, ලෑන්ඩිං මැට්, වෝල්ටිං බෝඩ් සඳහා වන ආරක්ෂිත කොලරයක් සහ දෑත් සඳහා වන මැට් යන උපකරණ වලින් සමන්විතය.

ශ්‍රී ලංකාව තුල තවදුරටත් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සහ ජපානය සමග සමීප සබඳතාවයෙන් යුක්තව දැනුම හා ක්‍රියාකාරකම් හුවමාරු කරගැනීමේ අරමුණින් යුක්තව,  නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ජිම්නාස්ටික් උපකරණ තොගය ප්‍රදානය කිරීමට යෙදුණි.

jimnastic

ජපානය සහ ශ්‍රී ලංකාව දෙරටෙහිම ජිම්නාස්ටික් සංගම් අතර වසර ගණනාවක් පුරාවට විහිදුනු සමීප සම්බන්ධතාවයක් ඇත.

උද්යෝගිමත් ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමට හා තරුණ තරුණියන් ක්‍රීඩාව කෙරෙහි දිරිමත් කිරීම පිණිස වර්ෂ 2006 සිට ජපාන පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මෙවැනි සමීප සබඳතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන මිල්කා ගෙහානි ද සිල්වා මෙනෙවිය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීම ගෙනහැර දැක්විය හැක.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙතින් ප්‍රදානය කිරීමට යෙදුණු ශිෂ්‍යත්වයක් යටතේ ජපානයට පැමිණි ඇය, ටෝකියෝ හිදී විශේෂ පුහුණුවක් ලැබූ අතර, ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිම්නාස්ටික් ඉසව්වකින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කිරීම සඳහා සූදානමින් සිටී.

ටෝකියෝ ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට මාස දෙකකටත් අඩු කාලයක් තිබියදී, මෙම ක්‍රීඩා උපකරණ භාරදීම තුලින්, කොවිඩ්-19 ගෝලීය අභියෝගය හමුවේ වුද ක්‍රීඩා හුවමාරු හරහා මිත්‍රත්වයේ බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම උදෙස ජපානය විසින් දක්වනු ලබන අඛණ්ඩ කැපවීම සංකේතවත් කරනු ලබයි.

Scroll to Top