කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සමෘද්ධි ලාභින්ට , අඩු ආදායම් ලාභින්ට සහ සංචරණ සිමා පනවා තිබිම නිසා පිඩාවට පත් අඩු ආදායම් ලාභින්ට රජය විසින් ගෙවනු ලබන රු පන්දහසේ දිමනාව ලබා ගැනිමට හැටන් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ජනතාව උදැසන සිට රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
රු පන්දහසේ ප්‍රතිලාභින්ට සමෘද්ධි නිලධාරින් විසින් උදැසන ගෙවිම් කරන ස්ථානවලට පැමිණෙන ලෙස කල දැනුම් දිමක් මතයි ප්‍රතිලාභින් සමෘද්ධි වසමේ අදාල ස්ථාන වෙත පැමිණ සිටියේ.
මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ උසස් නිලධාරියෙකුගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ රැ පන්දහසේ දිමනාව ගෙවිමට අදාල මුදල් බැංකු ගතකර නොමැති බවයි.
සමෘද්ධි ලාභින්ට රු පනදහසේ දිමනාව ගෙවනු ලබයි.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සමෘද්ධි ලාභින්ට අවශ්‍යය රු පන්දහසේ දිමනාව (02) දින ගෙවනු ලැබුහ.
හැටන් සමෘද්ධි කාර්යාලය යටතේ පාලනය වන දික්ඔය වසමට අදාල රු පන්දහසේ දිමනාව ගෙවනු ලැබු අතර, (02) සහ (03) දින සමෘද්ධි ලාභින්ට ප්‍රමුඛතාවය ලබා දි අනෙකුත් ප්‍රතිලාභින්ගේ නාම ලේකණ සකස් කිරිමෙන් අනතුරුම එම මුදලද සමෘද්ධි නිලධාරින් හරහා ගෙවිම් කටයුතු සිදු කරන බව නුවරඑලිය දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.එම්.රත්නදාස මහතා පැවසිය.
(02) සහ (03) දින තුල සමෘද්ධි ලාභින්ට අදාල රු පන්දහස සම්පුර්ණයෙන්ම ගෙවා නිම කිරිමට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසිය.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති සංචරණ සිමා හමුවේ රජය විසින් තමන්ට ලබාදුන් රු පන්දහසේ දිමනාවට රජයට ස්තුතියිවන්ත වන බවයි සමෘද්ධි ප්‍රතිලාභින් කියා සිටියේ.
මේ අතර රු පන්දහසේ දිමනාව ලබාගැනිමට සුදුසුකම් ලබා ඇති සමෘද්ධි නොවන අනෙකුත් ප්‍රතිලාභින්ද රු පන්දහසේ දිමනාව ලබා ගැනිමට ගෙවිම් සිදු කරන මධ්‍යස්ථාන වෙත පැමිණ සිටිහ.
හැටන් – රංජිත් රාජපක්ෂ