Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 34 දෙනෙකුට කොවිඩ් – එකම පවුලේ වතු පොකුරු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ලක්ෂපාන මොරහේනගම හම්පතාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 34 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (31) දින තහවුරු වු නිසා එම පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් දෙදෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු නිසා (31) දින එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගෙන් සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි තවත් සේවකයින් 34 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි එම නිලධාරිවරයා කියා සිටියේ.

එම අසාදිතයන් 34 දෙනාගේ ළගම ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධානයට යොමු කල බවත්,එම ඇගළුම් කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරිවරයා පැවසිය.

බගවන්තලාව වතු ආශ්‍රිත ප්‍රදේශවලින් නව අසාදිතයන් 13 දෙනෙකු හමුවෙයි, කොවිඩ් 19 වෛරසය අසාදනය වි 04 ක් ජිවිතක්ෂයට

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නගර බද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් (02) දින ලද පි.සි.ආර් පරික්ෂණ වලින් අසාදිතයන් 13 දෙනෙකු හමු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

බගවන්තලාව සහ නොර්වුඩ් පොලිස් වසම් වලට අයත් කැම්පියන්, පෙට්රොසෝ , පොයිස්ටන් සහ ටින්සින් යන වතු සහ නගර ආශ්‍රිත ප්‍රදේශවලින් නව අසාදිතයන් හමු වි ඇත.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 566 දෙනෙකු මේ වන විට වාර්තා වි ඇති අතර (01) දින වාර්තා වු කොවිඩ් මරණ 04 ත් සමග කොවිඩ් මරණ 18 දක්වා ඉහල ගොස් ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසුවේ.

නව අසාදිතයන් 13 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් නව අසාදිතයන් 20 දෙනෙකු හදුනාගැනේ.වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ වතු පොකුරු.

wathu

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් (02) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 20 දෙනෙකු හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

හැටන් නගරය , හැටන් පැන්මුර් වතු යාය , හැටන් රොතැස් වතු යාය , හැටන් ආරියගම,දික්ඔය වත්ත පහල කොටසින් මෙම අසාදිතයන් 20 දෙනා හදුනාගත් බවයි එම නිලධාරියා කියා සිටියේ.

හදුනාගත් නව අසාදිතයන් 20 දෙනා අතර වැඩි පිරිසක් වතු ආශ්‍රිත එකම පවුලේ සමාජිකයන් බවත්, එම අසාදිතයන් 20 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසිය.

තලවකැලේ සෙන් කුම්බ්ස් වතු යායෙන් නව අසාදිතයන් 17 දෙනෙක් හමුවෙයි, එම වතු යාය තවදුරටත් හුදකලා කර තබන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

තලවකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන දැනට හුදකලා කර ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනට යාබදව පිහිටි සෙන් කුම්බ්ස් වතු යායෙන් නව අසාදිතයන් 17 දෙනෙකු (01) දින හදුනාගත් බවත් ඒ අනුව එම වතු යායෙන් අසාදිතයන් 55 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

එම වතු යායේ පෙර අසාදිතයන්ගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ අනුව නව අසාදිතයන් 17 දෙනා හදුනාගත් බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

එම වතු යායේ ඉහල කොටසින් අසාදිතයන් වැඩි ප්‍රමාණයක් හමුවන නිසා එම වතු යාය තවදුරටත් හුදකලා කර තැබිමට පියවර ගෙන ඇති බවයි ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

අධි බලැති විදුලි රැහනක පැටලි ජිවිතක්ෂයට පත් තිදරු පියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු බවට තහවුරු වෙයි

බගවන්තලාව කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගැරිමට ගොස් සතුන් දඩයම් කිරිම සදහා ඇද තිබු අධි බලැති විදුලි රැහක පැටලි ඉකුත් (30) දින මිය ගිය තිදරු පියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු බවට දික්ඔය මුලික රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණයට ප්‍රථම සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදි (01) දින තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

අධි බලැති විදුලි රැහනක ගැටි මෙසේ ජිවිතක්ෂයට පත් වුයේ බගවන්තලාව පහල කොටසේ පදිංචිව සිටි සෙල්ලප්පන් සංකර් නැමති (46) හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ තවත් පිරිසක් සමග ඉකුත් (30) දින රාත්‍රියේ අනවසරෙන් මැණික් ගැරිමට යාමේදි එම රක්ෂිතයේ රාත්‍රි කාලයේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් රක්ෂිතය හරහා ඇද තිබු විදුලි රැහනක පැටලි විදුලි සැර වැදිමෙන් එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්විය.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහල වෙත යොමු කිරිමෙන් පසු මරණකරුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා මරණකරුගේ පවුලේ සමාජිකයන් සහ මරණකරු සමග අනවසරෙන් මැණික් ගැරිමට ගිය පුද්ගලයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top