90 දශකයේ පුංචි තිරයේ ටාර්සන්ගේ චරිතයට පණ පෙවූ ඇමෙරිකන් නළු ජෝ ලාරා හදිසි අනතුරකින් මියගියේය. ජෝ ලාරා මියගියේ ඔහු ගමන් කළ කුඩා ගුවන් යානය කඩා වැටීමෙනි.
1989 Tarzan in manhatton කතා මාලාවෙන් සිනමාවට පිවිසෙන ඔහු 1996 දී Tarzan the epic adventures ටෙලි මාලාවෙන් ද ලොව පුරා ජනප්රිය විය. මෙම කතා මාලාව ශ්රී ලංකාවේ ද විකාශය කෙරුණි.
සිය බිරිඳ ඇතුළු 07 දෙනකු ගමන් කර ඇති අතර අතර අනතුරින් සියලුදෙනාම මියගොස් ඇති බව වාර්තා වේ.
ජෝ සහ ග්වෙන් ෂැම්බ්ලින් විවාහ වූයේ 2018 දීය. ග්වෙන් ෂැම්බ්ලින් ආහාර පාලනය කරමින් නිරෝගීව ජීවත් වීමට උපදෙස් ලබා දෙන පෝෂණවේදිනියක ලෙස රැකියාව කළ අයෙකි.
ලෝක ප්රසිද්ධ රංගන ශිල්පියෙකු ලෙස සැලකෙන 58 හැවිරිදි ලාරා 1989 වසරේ දි “ටාසන් ඉන් මෑන්හැටන්” චිත්රපටයේ පළමු වරට ටාසන්ගේ චරිතයට රංගනයෙන් දායක වී ඇති අතර පසුව 1996 වර්ෂයේ දී “ටාසන් ද එපික් ඇඩ්වෙන්චර්ස්” නම් කතා මාලාවට රංගනයෙන් දායක වී තිබේ.