කොවිඩ්-19 ආසාදිත මරණ 43ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර මේ සමග කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ 43න් 23 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 20දෙනා පිරිමි පුද්ගලයන් ය.
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,351 දෙනකු ඊයේ(31) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ඊයේ දින වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 2882 කි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,86,334 කි.
සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණ අද (1) අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල 96ක් මේ යටතේ පරීක්ෂණයට ලක් කෙරෙන බව පැවසූ ජීවන්දර මහතා එම පරීක්ෂණවල ප්‍රතිඵල සතියක් ඇතුළතදී ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
සැර කොරෝනා වයිරස ප්‍රභේද සොයා ගැනීමේ පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම කරන ලදී.
පසුගිය ගතවූ පැය 24ක කාලසීමාව තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,047දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බවයි.
එම අත්අඩංගුවට ගත් පිරිස අතර මාතලෙන් 160, නිකවැරටියෙන් 119ක් සහ මහනුවරින් 98දෙනෙක් සිටී.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 19,102ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ ෂැංගිලා හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ද ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.