සංචරණ සිමා පනවා තිබියදි ධාවනය වු ත්රිරෝද රථයක් ලොරි රථයක ගැටිමෙන් ත්රිරෝද රථයේ ගමන් සිව් දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කෙරේ.
සංචරණ සිමා පනවා තිබියදි නුවරඑලිය බ්ලැක්පුල් සිට නුවරඑලිය දක්වා ධාවනය වු ත්රිරෝද රථයක් නුවරඑලිය මහ නගර සභාවේ කැලි කසල එක්රැස් කරන ලොරි රථයක ගැටිමෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් රියදුරා ,මගින් තිදෙනෙකු සහ අවුරුදු 1 ½ කුඩා ළමයෙකු තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත (31) දින ඇතුලත් කල බව නුවරඑලිය පොලිසිය පැවසිය.
(31) දින පස්වරු 1 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ නුවරඑලිය ස්ක්රාප් වත්ත ප්රදේශයේදිය.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ එකම පවුලේ තිදෙනෙකු බවත්, තුවාලකරුවන් අතරින් ත්රිරෝද රථයේ රියදුරාගේ තත්ත්වය බරපතල බවද නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පැවසිය.
නුවරඑලිය මහ නගර සභාවේ කැලි කසල එක්රැස් කරන ලොරි රථය ප්රධාන මාර්ගයෙන් එකවරම ප්රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ත්රිරෝද රථය දෙසින් වු අතුරු මාර්ගයකට ධාවනය කිරිමට උත්සහ කිරිමේදි ලොරි රථය ත්රිරෝද රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.
අනතුරෙන් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ලොරි රථයේ රියදුරා නොසැලිකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ