ශ්රී ලංකා පන්දුවාර විස්ස ක්රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා එක්දින නායක කුසල් ජනිත් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව එළඹෙන එංගලන්ත සංචාරයේදී කුසල් ජනිත් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් කුසල් ජනිත් පෙරේරා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙක තුළ සිටීම හේතුවෙන් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් සදහා එක් නායකයෙකු පත් කිරීමටයි ක්රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇත්තේ.
එම තරග සංචාරයටද ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ සුරංග ලක්මාල් යන ජේ්යෂ්ඨ ක්රීඩකයින් නම් කර නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් නුවන් ප්රදීප් එම සංචිතයට කැඳවා ඇති බව ක්රිකට් ආරංචි පැවසුවා.
මෙම තරග සංචාරයේදී විස්සයි විස්ස තරග 3 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
පළමු විස්සයි විස්ස ක්රිකට් තරගය ජුනි මස 23 වනදා ආරම්භ වන්නේ කාඩිෆ්හිදීයි.