Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එකම පවුලේ 10 දෙනෙකුට කොරෝනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් දික්ඔය නගර සභා සිමාවේ (31) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් 12 දෙනාගෙන් 10 දෙනෙකු හැටන් ගාමිණිපුර සහ ආරියගම ප්‍රදේශවල එකම පවුලේ සමාජිකයන් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වු එකම පවුලේ 10 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර ඉකුත් (25) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම 10 දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත්, අනෙක් අසාදිතයන් දෙදෙනා දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය අවස්තාවේ සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු අය බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

මේ මස තුල හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 35 දෙනෙකු පමණ හමු වු බවත්, එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන නොයැම නිසා නිවස තුල සිටින අනෙකුත් සමාජිකයන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන් හමු වු හැටන් ගාමිණිපුර සහ ආරියගම යන ප්‍රදේශ විෂබිජහරණය සිදු කල බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පැවසිය

හුදකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයෙන් තවත් අසාදිතයන් 22 හමුවෙයි. මුළු අසාදිත සංඛ්‍යාව 526 දක්වා ඉහලට

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (31) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 22 ක් හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

අසාදිතයන් 22 පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වු බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර මේ මස (25) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව එම 22 කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

නව අසාදිතයන් 22 බගවන්තලාව නගර සිමාව, බොගවාන, කැම්පියන්, කිව් වතු යාය, වෙන්චර් වතු යාය, කර්කස්වොල් යන වතු යායවල් වල පදිංචිකරුවන් බවත්,බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට අසාදිතයන් 526 දෙනෙකු හදුනාගෙන ඇති බවත්,කොවිඩ් මරණ 14 ක් මේ වන විට සිදු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top