Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

භයානක කොරෝනා නව දෙමුහුන් ප්‍රභේදයක් – අනතුරු ඇගවීම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බ්‍රිතාන්‍ය හා ඉන්දියානු කොරෝනා ප්‍රභේද වල දෙමුහුම් ප‍්‍රබේදයක් වියට්නාමයෙන් හමුවී ඇතැයි එරට නිවේදනය කරයි.

එරට සෞඛ්‍ය අමාත්‍ය ගුයින් තන් ලොන්ග් සඳහන් කළේ, එය ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු වෛරස් ප්‍රභේදවල එකතුවකින් නිර්මාණය වූ නව වෛරස් ප්‍රභේදයක් බවයි.

ඉතා භයානක එම වෛරස් කාණ්ඩය වාතයෙන් ව්‍යාප්ත විය හැකි බව ද ඔහු පැවසී ය.

පෙර පැවති ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වනු ඇති බවට ද වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බී. 1.617 දෙමුහුන් කොරෝනා විකෘතියත්, බී.1.1.7 කොරෝනා විකෘතියත් බිහිසුණු විකෘති ප්‍රභේද යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. එවැනි තත්ත්වයක, මෙම දෙකම කලවම් වී නිර්මාණය වී ඇති වියට්නාම විකෘතිය වඩාත් බිහිසුණු එකක් වනු ඇතැයි වයිරස විශේෂඥයෝ බිය ඵල කරති.

Scroll to Top