ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන සහ රංගන ශිල්පිනියක වන පියුම් හංසමාලි නිරෝධායන නීති කඩකළ බවට කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
කොළඹ ප‍්‍රධාන හෝටලයකදී උපන්දින සාදයක් සංවිධානය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
මෙම උපන්දින උත්සවයට 25 දෙනෙකු එක්ව ඇති බවත් ඉන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ පැවැති උපන්දින සාදයක් සදහා මෙම සැකකරු සහ සැකකාරිය ඇතුලූ සැකකරුවන් පිරිස ඊයේ (30) සහභාගී වී සිටි අතර, ඔවුන් නිරෝධායන නිති මෙන්ම සංචරණ සීමා ද, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 264 වගන්තියට ද උල්ලංඝණය කරමින් එම උපන්දින උත්සවය සමරමින් සිටි බව ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා අද නියෝග කළේය.