Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වතු ජනතාවට සහනාදාර මළු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල ප්‍රමාණයක් හමුවිම නිසා හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ග්‍රාමිය ජනතාවට සහ වතු කම්කරු ජනතාවට රජය මගින් සහනාදාර මළු ලබාදිම (30) දින ආරම්භ කරනු ලැබුහ.

හුදකලා කර ඇති ග්‍රාමිය ප්‍රදේශවලට සහ තේ වතු යායවල් වලට ගොස් වසමේ ග්‍රාමසේවා නිලධාරිවරයා සහ සහනාදාර මළු බෙදා දිම සදහා පත් කර ඇති කමිටු සමාජිකයන් විසින් මෙම සහනාදාර මළු බෙදා දෙනු ලැබුහ.

සහනාදාර මළු ලබා ගැනිමට පැමිණෙන ග්‍රාමිය සහ වතුකරයේ ජනතාවට නිරෝධායන උපදෙස් වලට අනුකුලව සහනාදාර මළු ලබාදිමට ග්‍රාමසේවා නිලධාරිවරුන් සහ කමිටු සමාජිකයන් කටයුතු කර තිබුණි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top