Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිවසක් සුන් කල පොහොර ලොරියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහනුවර සිට වැලිමඩ දක්වා පොහොර ටොන් 15 ක් ප්‍රවාහනය කල ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

(30) දින උදැසන 8.15 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය මහනුවර ප්‍රධාන මාර්ගයේ හග්ගල මහ වංගුව ප්‍රදේශයේදිය.

අධික බැවුමක් සහිත ප්‍රදේශයේ දි ධාවනය වෙමින් තිබු ලොරි රථය මාර්ගයේ ආරක්ෂිත පැති බැම්ම කඩාගෙන මාර්ගය අභියස පිහිට නිවසක් මතට පෙරලිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇත.

ලොරි රථය නිවස මතට පෙරලෙන අවස්තාවේ නිවසේ නිදන කාමරයේ සිය මව සිටි බවත් පසුව මව බේරාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවත්, අනතුරෙන් තම නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුරට පත් නිවාස හිමියා කියා සිටින්නේ.

නුවරඑලිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේ මිට ප්‍රථම අනතුරු කිහිපයක් සිදු වු නිසා මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් වේග සිමා පනවා ඇති අතර , මාර්ගය හරහා බම්පර් කිහිපයක්ද ස්ථාපනය කර ඇත.

අධික බැවුමක් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවද අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top