2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවා තිබේ.
ඒ අනුව ඊට අදාළ අයදුම්පත සහ උපදෙස් ඇතුළත් පත්‍රිකාව අධ්‍යාපන ආමාත්‍යාංශයේ නිල වෙඩ් අඩවියේ www.moe.gov.lkපළ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන මව්පියන් හෝ නිත්‍යානුකුල භාරකරුවන් එම අයදුම්පත් සම්පුර්ණ කර ඒවා අදාළ පාසල් ප්‍රධානීන්ට ලබන ජුනි 30 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බව අධ්‍යාපන ආමාත්‍යාංශය පැවසුවේය.
අයදුම්පත සහ උපදෙස් ඇතුළත් පත්‍රිකාව සදහා පහත ලින්ක් එක ඔබන්න.
2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් ඇතුළත් පත්‍රිකාව