Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හෙද හෙදියන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව  සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් එම තීරණයට පැමිණි බවය.

ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය වෘත්තියවේදීන් විසින් සිදුකරන ලද ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දිවයින පුරා සංචරණ සීමා පැනවීමට ගත් තීරණ ඉතා අගය කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

පනවා ඇති එම සංචරණ සීමා හේතුවෙන් රටක් වශයෙන් ආර්ථිකයට බලපෑමක් එල්ල වුවද රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට සිදුවන හිතකර බලපෑම අවතක්සේරු කළ නොහැකි බව එම සංගමය සඳහන් කරයි.

බහුතර මහ ජනතාවගේ ජීවිතවල වටිනාකම තාවකාලික ආර්ථික පසුබෑමට වඩා වටිනා බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

නිරෝධායන රීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 914ක් ඊයේ (29) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වන විට මෙරට පුද්ගලයින් ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් සඳහා කොවිඩ් මර්දනය සඳහා වන පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.

එහිදී ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 දෙනෙකු සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

එමෙන්ම සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 601,508 දෙනෙකුට සහ ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,984 දෙනෙකු සඳහා ලබාදී තිබේ.

මීට අමතරව කොවිඩ් මර්දනය සඳහා වන එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින් 343,805 දෙනෙකු සඳහා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු ඊයේ(29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,827ක් වේ.

ඒ අනුව මේ දක්වා මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 180,538ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Scroll to Top