නුවරඑලිය මහ නගර සභා සිමාවෙන් දින 17 ක් තුල අසාදිතයන් 315 දෙනෙකු හදුනා ගැනේ,නුවරඑලිය නගර සිමාවේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක අසාදිතයන් වැඩි පිරිසක් හමුවිම නිසා ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමයි.
නුවරඑලිය වසන්ත උදානය අවසන් විමත් සමග නුවරඑලිය මහ නගර සභා සිමාව තුල මැයි මස (12) දින සිට (28) දින දක්වා දින 17 ක කාලය තුල අසාදිතයන් 315 දෙනෙකු හදුනාගත් බවත්, තවත් පිරිසකගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තා ලැබිමට නියමිත බව නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරි පැවසිය.
අසාදිතයන් වැඩි පිරිසක් නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවකින් අසාදිතයන් 149 දෙනෙකු හමු වි ඇති බවත්,ඒ අනුව එම පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව (28) දින සිට තාවකාලිකව වසා දැමු බවයි නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරි කියා සිටින්නේ.
අසාදිතයන් 315 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත්, එම පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරන බවද නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් වැඩි දුරටත් පැවසිය.
බගන්තලාව ප්‍රදේශයෙන් නව අසාදිතයන් 45 දෙනෙකු හදුනාගැනේ, වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ වතු පොකුරු.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ (28) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 45 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
ඉකුත් (23) දින සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව නව අසාදිතයන් 45 දෙනා හදුනාගත් බවත්,එම අසාදිතයන්බ ගවන්තලාව,කර්කස්වොල් වතු යාය , කැම්පියන් වතු යාය , නොර්වුඩ් හොන්සි ප්‍රදේශය සහ කොටියාගල යන වතු ආශ්රිත ප්‍රදේශවලින් හදුනාගත් බවත්, අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වතු ආශ්රිත එකම පවුලේ වතු පොකුරක් ලෙස හමුවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
නව අසාදිතයන් 45 දෙනා පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිසා ඔහුන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 අසාදිතයන් ලෙස හදුනාගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (28) දින කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බවත්, මේ වන විට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් මරණ 12 ක් සහ අසාදිතයන් 504 දෙනෙකු හමු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
තලවකැලේ හොලිරුඩ් වතු යායේ සහකාර වතු අධිකාරිවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි, වතු පරිපාලනය ස්වයං නිරෝධානයට, වතු පාලන කාර්යාලය තාවකාලිකව වසා දමයි.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ හොලිරුඩ් වතු යායේ ජෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (29) දින තහවුරු වු නිසා එම වතු යායේ වතු අධිකාරිවරයා , තවත් සහකාර වතු අධිකාරිවරයෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර වතු පාලන කාර්යාලය තාවකාලිකව වසා දැමු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.
එම වතු යායේ තේ කර්මාන්ත ශාලාවේ ජෙෂ්ඨ කලමණාකරුට සහ සහකාර කලමණාකාරවරයා පෙර අසාදිතයන් බවත්, අසාදිත ජෙෂ්ඨ කලමණාකාරවරයාගේ බිරිදට සහ දරුවන් දෙදෙනාටද (29) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි කේ.සුදර්ශන් මහතා කියා සිටියේ.
වතු පාලන අධිකාරිය ස්වයං නිරෝධානයට යොමු කිරිම නිසා එම වතු යායේ දෛනික කටයුතු වලට කිසිදු බාධාවක් නොවන බවද කේ.සුදර්ශන් මහතා වැඩිදුරටත් පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ